කොකේන් බොන ඇමතිවරු හෙළිකරන්න / මන්ත්‍රී ඩී වී චානක


කොකේන් මත්ද්‍රව්‍ය පානය කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය අනුව එම අමාත්‍යවරුන් හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා අද ප්‍රකාශ කළා.
මේ අද පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා පල කළ අදහස්.

“කොකේන් බොන දේශපාලකයින් ඉන්නවා. ක්‍රීඩකයින් ඉන්නවා. කැබිනට් ඇමැතිවරු ඉන්න බව රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. ඇමැතිවරුන් සම්බන්ධයෙන් කරපු හෙළිදරව්ව අපි අගය කරනවා.

නමුත් ක්‍රීඩකයින් ගැන කරපු චෝදනාව නම් අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද ඔවුන් කිසියම් තරගයකට යනවා නම් ඊට පෙර පරීක්ෂණවලට බදුන් වෙනවා. නමුත් ඇමැතිවරු ගැන කරපු චෝදනාව නම් නිවැරදි වෙන්න පුලුවන්. පහුගිය කාලයේ රට වෙනුවෙන් ගත්තු යම්යම් තිරණ මේ අය ගත්තේ කුඩු ගහලද කියලා අපිටත් වෙලාවකට හිතෙනවා. රටේ ජාතික සම්පත් විකුණපු විදිය, රටේ ආර්ථික විනාශය දැක්කාම එහෙම හිතෙන එක සාධාරණයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි පියවර ගනිමින් සිටිනවා. එතුමාට ආරම්භය ගන්න සුභ තැනක් දැන් හෙළිවෙලා තියෙන්නේ. කවුද කුඩුගහන ඇමැතිවරු කියලා හොයා ගෙන නෙරපා හරින අතරේ උපරිම දඩුවම් දෙන්න අවශ්‍යයි. කුඩු ගහන අය සම්බන්ධයෙන් හරි පියවරක් ගන්න අවශයයි.”


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.