කොදෙව් පිලේ ගායකයා ක්‍රිකට් පිටියට සමුදෙයි

කොදෙව් ක්‍රිකට් පිලේ ක්‍රීඩක ඩ්වෙයින් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
2004 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඔහු මේ දක්වා ටෙස්ට් තරග 40ක් එක්දින තරග 164 ක් හා විස්සයි විස්ස තරග 66ක් වෙනුවෙන් කොදෙව් පිල නියෝජනය කර තිබෙනවා.
එහිදී ටෙස්ට් තරග 40කදී ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 2200ක්.
එක්දින තරග 164කදී ඔහු ලකුණු 2968 ක් රැස් කර තිබෙනවා.
විස්සයි විස්ස තරග 66කදී ඔහු ලකුණු 1162 ක් ද රැස්කර තිබුණා.
පන්දු යවන්නකු ලෙසද දස්කම් දැක්වූ බ්‍රාවේ ටෙස්ට් කඩුලු 86 ක් එක්දින කඩුලු 199ක් හා 20 යි 20 කඩුලු 66ක්ද දවාගෙන තිබෙනවා. තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තද තවදුරටත් ලොව පුරා පැවැත්වෙන 20යි 20 තරගාවලි සදහා එක්වන බවයි ඔහු නිවේදනය කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *