කොමිෂන් සභා වාර්තා 2න් මන්ත්‍රීවරු 62 කගේ කැරට්ටුව එළියට

මහබැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව තහවුරු වූ තැනැත්තන් 30 දෙනෙකුගේ පමණ නම් ගම් ඇතුළත්යැයි ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි අනාවරණ කරනවා.

එම නම් 30 අතර කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් ගණනාවකගේ නම්ද ඇතුළත් බවයි ප්‍රකාශ වන්නේ.මහ බැංකුවේ සහ සේවක අර්ථසාධක අරමුදලේ වගකිවයුත්තන් ගණනාවක් සම්බන්ධයෙන්ද එහි සඳහන්.

මෙහි සවිස්තර තොරතුරු ඇතුළත් බැඳුම්කර වාර්තාවේ පිටපත් 26ක් තවත් සතියකින් මැතිසබයට ඉදිරිපත් කිරීම සඳහා දැනට මුද්‍රණ කටයුතු සිදුකෙරෙමින් පවතිනවා.

මේ අතර බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් තිස් දෙදෙනකුගේ නම් සඳහන් වන බව ප්‍රකාශිතයි.

බරපතළ වංචා දූෂණ සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවට සිද්ධි 34ක් ගැන තොරතුරු අඩංගු වනවා.