කොලඹදී රෝගීවූ බ්‍රිතාන්‍යයෙන් ආ දෙවන රග්බි ක්‍රීඩකයාත් මියයයි

කොළඹදී පැවැත්වු  සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයෙන් කොලඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දෙවන බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයාද මරණයට පත්ව තිබෙනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ බෙට් තෝමස්  රීඩ් (27) නැමැති කී‍්‍රඩකයා වන අතර හාඩව් තෝමස්  ඇන්ඩෲ (26) නම් ක්‍රීඩකයා ඊයේ දිනයේදී මරණයට පත්ව තිබුණා.

විෂ මත්ද්‍රව්‍ය ශරීරගතවීම මෙම මරණයට හේතුව බව අනාවරණවී තිබෙනවා.
ඒ අනුව මියගිය ක්‍රීඩකයින්ගේ සිරුරු කොටස් විශේෂ පරීක්ෂාවක් සදහා යොමුකර තිබෙනවා.
පෙරේදා රාත්‍රීයේ කොලඹ සමාජ ශාලාවකට ගොස් විනෝදවී පැමිණි පසු මෙම ක්‍රීඩකයින් දෙදෙනා මෙසේ රෝගාතුරවී තිබුණා.