කෝටි එකහමාරක වංචාවකට බතික් සිතාරා පොලිසිය සොයයි

කෝටි එක හමාරක අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඇය, ගල්කිස්ස ප්‍රදේශයේ “සිතාරා බතික්” නමින් වෙළද සැලක් පවත්වාගෙන ගොස් නිමි ඇඳුම් ලබා ගෙන වෙළද සැල් හිමියන් වෙත අගරු චෙක්පත් ලබා දී තිබෙනවා.

සැකකාරිය පිළිබඳ විස්තර

නම – දෝන සිතාරා ගීතානි කළුආරච්චි
වයස – 50යි
ජා.හැ.අ – 687611799V
ලිපියනය – නො.06, උයන පාර, මොරටුව හා නො. 194/31 තල්ගහහේන පාර, කැස්බෑව

අගරු චෙක්පත් ලබාදී රුපියල් අසූහය ලක්ෂ හතළිස් දෙදහස් හැට තරක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස්ස්ථානය සහ ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි 24ක් ලැබී තිබෙනවා. ඒ අනූව, ගල්කිස්ස අධිකරණය සැකකාරියට විරුද්ධව නඩු පරවා මේ වන විට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

2017 වර්ෂයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත, මෙම සැකකාරිය සම්බන්ධයෙන් අගරු චෙක්පත් ලබා දී රුපියල් 69,14480/- මුදලක් වංචා කිරීමට අදාළව ලැබී ඇති පැමිණිල්ලකට අනූව සැකකාරියට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පානදුර අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙනවා.

සැකකාරිය පිළිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකථන වෙත දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.

ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකය – 011 – 2729621
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක 071 – 8591664