You are here
Home > ප්‍රධාන-පුවත් > කෝප් ඇතුලු නව කමිටු හා සභාපතිවරුන් පත්කිරීම මැයි 08

කෝප් ඇතුලු නව කමිටු හා සභාපතිවරුන් පත්කිරීම මැයි 08

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන මැයි 8 වනදා කෝප්, කෝපා කමිටු ඇතුළු අනෙකුත් කමිටු සදහා සාමාජිකයින් අලුතින් පත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපතිවරයා විසින් පළමු පාර්ලිමේන්තු සැසිවාරය නිමා කිරීමෙන් එම කමිටු අහෝසිවීම හේතුවෙනුයි.

මේ හේතුවෙන් අහෝසි නොවී අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ ආංශික අධීක්ෂණ කාරක සභා සහ උසස් නිලතල කාර්යයන් පිළිබඳ කමිටු පමණක් බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා සදහන් කරනවා.

සියලුම පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ පනත්, ප්‍රශ්න සඳහා වාචික පිළිතුරු නැවත ඉදිරිපත් කළ යුතු බව ද විවාදයට ලක් වුවද මෙතෙක් සම්මත නොවුණු පනත් ඉදිරි සැසිවාරය දක්වා යොමු කෙරෙන බව ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු, නියෝජ්‍ය ඇමැතිවරු හා රාජ්‍ය ඇමැතිවරු 15 දෙනකු ධූරවලින් ඉවත් වීම නිසා නව සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආසන වෙනස් වන බව ද නීල් ඉද්දවෙල මහතා කියා සිටියා.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් අදාළ අංශවලට ලැබී නොමැති අතර එය ලැබුණහොත් නව නියෝජ්‍ය කථානායකවරයකුද මේ යටතේ තෝරා ගැනීමට නියමිතයි.

Top