ඛෙංගාල බොක්කේ අඩු පීඩනය පීඩන අවපාතයක් වන ලකුණු

දිවයිනට ගිණිකොන දිගින් කිලෝමීටර් 1300ක් පමණ දුරකින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි  පැය 24 ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඉදිරි දිනවලදී විශේෂයෙන් හෙට දිනයේ සිට දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, දකුණු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ නිවේදනයේ සදහන්.

WEATHER FORECAST FOR 14th MARCH 2006

download