ඛෙල්ලන්විල විමලරතන නාහිමියන් අපවත් වෙයි

හදිසි අනතුරකට ලක්ව රෝහල් ගත කර සිටි ඛෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය ඛෙල්ලන්විල විමලරතන හිමියන් අපවත් වී තිඛෙනවා.
අද පෙරවරුවේ කොලඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි උන්වහන්සේ අපවත්ව ඇත්තේ.
ඊයේ පෙරවරුවේ අනතුරකට මුහුණ පෑ උන්වහන්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා.
අනතුරුවයි පුද්ගලික රෝහලක් වෙත මාරු කර යැවුණේ.
එහිදී නාහිමියන් පැය 10ක සැත්කමකටද ලක් කර තිබුණා.
මහාචාර්ය පූජ්‍ය ඛෙල්ලන්විල විමලරතන හිමියන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා.