You are here
Home > ආසන්න-පුවත් > ගංගා රැසක ජල මට්ටම් ඉහළට / ජනතාවට උපදෙස්

ගංගා රැසක ජල මට්ටම් ඉහළට / ජනතාවට උපදෙස්

කැලණි /කළු ගඟ/ ගිං /නිල්වලා ගඟ/ මහ ඔය/ අත්තනගලු ඹය ආදී ස්ථානවල ජල මට්ටම් ඉහළ යන නිසා එම ජල මූලාශ්‍ර පහළ ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳ දැඩි අවදානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඇතැම් ගංගා මේ වන විටත් පිටාර ගලමින් පවතින බැවින් කිසිවිටෙකත් ගංවතුර නැරඹීමට නොයන ලෙසයි එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවට දැනුම් දෙන්නේ.
ජල ගැලීම් ඇති ස්ථානවල ජලය භාවිතයට ගැනීමෙන් වැළකී සිටින ලෙසත්/ එවැනි ස්ථානවල දිය නෑමෙන්ද වැළකී සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.
එසේම හදිසි අවස්ථාවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය අමතා තොරතුරු ලබාදීමටයි ජනතාවට අවස්ථාව පවතින්නේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top