ගමන් මලු ඇදීමට හේතුව කටාර් තානාපති හෙළිකරයි

කටාර් ගුවන් තොටුපලේදී ප්‍රභූ පුත්‍රයන් පිරිසකගේ ගමන් මලු ඇදගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ කටාර් හී ශ්‍රී ලංකා තානාපති ඒ එස් පී ලියනගේ ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඔහු පවසන්නේ තමන් තානාපති සේවයේ කිසිදු නියමයක් උල්ලංඝනය කර නොමැති බවයි.
කටාර් ගුවන් තොටුපලේදී ප්‍රභූ පුත්‍රයන් කිහිපදෙනකු ගමන් මලු රැසක් හේතුවෙන් ගැටලුවකට පත්ව සිටින අවසථාවේදී තමන් ඔවුන්ට සහායවීමට ඉදිරිපත්වීම වරදක් නොවන බවයි තානාපතිවරයා පවසන්නේ.
ඕනෑම අයකු එවන් ගැටලුවකට ලක්ව සිටියේ නම් තමන් එම ගමන් මලු ගෙනයාමට නොපැකිලෙන බවද ලියනගේ මහතා සදහන් කරනවා.
කෙසේ වෙතත් උපකාර කිරීම වරදක් නොවුණද තානාපතිවරයා පවසන ආකාරයේ ගමන් මලු රැසක් අදාළ ජායාරූප තුල දැකගත හැකිවූයේ නැහැ.
ඒ තානාපතිවරයා ගමන් මල්ලක් ගෙන යන අතරවාරයේ ප්‍රභූ පුත්‍රයකු ගමන් මල්ලක් රහිතව ඇවිද යනු පැහැදිලිවම දැකගත හැකිවීම හේතුවෙනුයි.
කෙසේ වෙතත් කටාර් දේශයේ සේවය කරන ඕනෑම ලාංකිකයකුට ගුවන් තොටුපලේදී මෙම උපකාරය තානාපතිවරයාගෙන් ලබාගත හැකි බවයි ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *