ගල්කිස්සේ වෙඩි තැබීමකින් නාගරික මන්ත්‍රීවරයකු මරුට

ගල්කිස්සේදී ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන රන්ජන් සිල්වා මහතා මරණයට පත්ව තිබෙනවා.
ඔහු ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාණන්ද වනවා.
රත්මලාන ඥානේ‍නද්‍ර පාරේදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තවත් දෙදනකු තුවාල ලබා තිබුණා.
ඔවුන් මේ වන විට කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.