ග්‍රෑන්ඩ්පාස් තේ කොල ගබඩාවක් කඩා වැටී 7ක් මරුට / 4ක් සුන්බුන් අතර

Banner
ග්‍රෑන්ඩ්පාස්, බාබපුල්ලේ  ප්‍රදේශයේ තේ ගබඩා කර තිබූ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 7 දෙනකු මියගොස් තිබෙනවා.
තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලබන අතර තවත් 4 දෙනකු තවමත් සුන් බුන් අතර සිරව සිටින බවයි ප්‍රකාශ වන්නේ.
තුවාල ලැබූවන්ගේ තත්ත්වයද බරපතල බව කොලඹ ජාතික රෝහල සදහන් කරනවා.
මිය ගිය පිරිසට කාන්තාවන් දෙදනකුද ඇතුලත්.
ග්‍රෑන්ඩ්පාස් පොලීසිය ,හමුදාව හා ගිනි නිවන හමුදාව සෝදිසි මෙහෙයුම් සදහා එක්ව සිටිනවා.
Banner