You are here
Home > ගොසිප් > ගායකයකු වැලඳගත් සවුදි තරුණියක් දෙවසරක් හිරගෙට

ගායකයකු වැලඳගත් සවුදි තරුණියක් දෙවසරක් හිරගෙට

සවුදි අරාබියේ පොප් ගායකයකු ප්‍රසිද්ධියේ වැළදගත් බව කියන කාන්තාවකට එරට අධිකරණය විසින් වසර 2ක සිර දඩුවමක් නියම කර තිඛෙනවා.
එමෙන්ම ඇයට සවුදි රියාල් ලක්ෂයක දඩයක්ද නියම කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
පසුගියදා පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර ඇය ඉරාක ගායකයකු වන මජීඩ් අල් මුහන්දිස් වැළදගෙන තිබුණේ වේදිකාවට දිව යමිනුයි.
ඒ අනුව සවුදි අරාබි නීතියට අනුව ඇයට දඩුවම් නියම කර ඇත්තේ ලිංගික හිංසන චෝදනාව මතයි.
ඒ ගායකයා ප්‍රසිද්ධියේ වැළදගැනීම හේතුවෙන් ඔහුට හානියක් සිදුවූ බව පවසමින් වීම විශේෂත්වයක්.

Top