ගාල්ලේ බලය එජාපයට නැතිවෙයි / සභාපති පොහොට්ටුවෙන්

ගාල්ල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා නගර සභාවේ සභිකයන්ගේ වැඩි ඡන්දයෙන් පත්ව තිඛෙනවා.
ඒ නගරාධිපතිවරයා තේරීම සදහා පැවැති රහස් ජන්දයෙන් ජය ගනිමින්.
පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නගර සභාවට පත්වූ සහබන්දු මහතා නගරාධිපතිවරයා තේරීමේ රහස් ඡන්දයේ දී ඡන්ද 20ක් ලබාගත්තා.
එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපතිධූරයට නාම යෝජනා වූ ජිලිත් නිශාන්ත මහතා ලබාගත් ජන්ද ගණන 11ක්.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා හා ස්වාධීන කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ඡන්දය ලබාදුන්නේ නැහැ.
එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව නගර සභාවේ බලය පිහිටුවන බව ඊයේ නිවේදනය කළද රහස් ජන්දයේදී එය අනපේක්ෂිත පරිදි වෙනස්වී තිඛෙනවා.

ගාල්ල මහ නගර සභාව

ඡන්ද ප්‍රතිශතය තේරී පත් වූ සාමාජිකයින් ගණනය කරනු ලැබූ සාමාජිකයින්
22,270 40.17% 9 14
20,096 36.25% 11 13
5,532 9.98% 0 3
5,177 9.34% 0 3
1,265 2.28% 0 1
896 1.62% 0 1
0 0% 0 0

Lankaanews දවසේ වීඩියෝව 2018.05.22