ගාසා තීරය තවත් උණුසුම් / මරණ 58 යි / 2700කට තුවාල

ජෙරුසලමේ අමෙරිකාව විසින් සිය ඊශ්‍රායල තානාපති කාර්යාලය පිහිටුවීම සමග හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් වර්ධනයවී තිබෙනවා.
බී බී සී පුවත් සේවය වාර්තා කළේ මේ වන විට ගැටුම් හේතුවෙන් පලස්තීන ජාතිකයින් 58 දෙනකු මිය ගොස් ඇති බවයි.
පලස්තීන බලධාරීන් නිවේදනය කළේ ඊයේ දිනයේ පමණක් ඊශ්‍රායල හමුදාවේ ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජාතිකයින් 2700 ක් තුවාල ලබා ඇති බවයි.
මෙම පලස්තීන විරෝධතා සදහා පුද්ගලයින් 40,000 ක් එක්ව සිට තිබුණා.
අමෙරිකානු තානාපති කාර්යාලයට එරෙහි අරගලය අඛණ්ඩව සිදුකරන බව පලස්තීනුවන් අවධාරණය කරන බැවින් ගැටුම් උත්සන්න වනු ඇති බවයි ඊශ්‍රෘයලය සදහන් කරන්නේ.