ගැහුවොත් ගහනවා / මුලින් ගහන්නේ නෑ / රුසියාව කියයි

රුසියාව කිසිදු රටකට පළමුව න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල නොකරන බව ක්‍රෙම්ලිනය අද අවධාරණය කළා.
රුසියානු ජනාධිපති මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් කියා සිටියේ රුසියාවට යම් රටකින් න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ලවුවහොත් හෝ එවන් අවධානමක් මතුවුවහොත් හැර පලමුව තම රට විසින් න්‍යෂ්ඨික ආයුධ භාවිතා නොකරනු ඇති බවයි.
මේ වන විට ජාත්‍යන්තරයේ පලවන අදහස්වලට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සදහන් කළා.
මේ වන විට ලෝකයේ න්‍යෂ්ඨික ආයුධවලින් වැඩිම න්‍යෂ්ඨික මිසයිල සහිත රටවන්නේද රුසියාවයි. එම ප්‍රමාණය 8500ක් වනවා.
අමෙරිකාව සතුවන්නේ එවන් ආයුධ 7700ක් පමණයි.ප්‍රංශය සතුව න්‍යෂ්ඨික ආයුධ 300ක් චීනයට 250ක් හා බ්‍රිතාන්‍යයට න්‍යෂ්ඨික අවි 220ක් පවතිනවා.
පකිස්ථානයට න්‍යෂ්ඨික අවි 120ක් ඇති අතර ඉන්දියාවට න්‍යෂ්ඨික අවි 100ක් ඊශ්‍රෘයලයට න්‍යෂ්ඨික අවි 80 ක් උතුරු කොරියාවට න්‍යෂ්ඨික අවි 10ක් හා ඉරානයට ඊට අඩු ප්‍රමාණයක් පවතින බව අනාවරණ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *