ගිං ගගේ දිය නෑමට ගිය 4 දෙනකු මරුට


ගාල්ල හිනිඳුම ප්‍රදේශයේදි ගිං ගංඟේ දිය නැමට ගිය පාසල් සිසුවියන් 03 දෙනෙකු සහ එක් සිසුවකුගේ මවක් දියේ ගිලි ජිවිතක්ෂයට පත්වි තිබෙනවා.
අද පස්වරු 2ට පමණ මෙම පිරිස දියේ ගිලී ඇති බවයි වාර්තාවන්නේ.
මිය ගිය කාන්තාව 39 වන වියේ පසුවන අතර දැරියන් වයස අවුරුදු 15 වයස් සීමාවේ පසුවන බව සදහන්.
මරණයට පත්වූවන්ගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.