You are here
Home > ගොසිප් > ගෝතමාලා ගිනි කන්ද යළි පුපුරායන ලකුණු / මරණ 99යි

ගෝතමාලා ගිනි කන්ද යළි පුපුරායන ලකුණු / මරණ 99යි

ගෝතමාලාවේ ගිනි කදු පිපිරීමෙන් මිය ගිය ගණන 99 ක් දවා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යාමේ අවධානමක් ඇති බවයි.
ගිනි කන්ද පුපුරායාමෙන් පසු මේ දක්වා අතුරුදන්ව සිටින සංඛ්‍යාව 192ක්.

Image result for Fuego volcano
මීටර 3763ක් උස මෙම ගිනි කන්ද යළි පුපුරායාමේ අවධානමක්ද මේ වන විට මතුව තිබෙනවා.
ඒ අනුව සහන සේවා මෙහෙයුම්ද දැඩි අවධානම් තත්ත්වයකට පත්ව ඇති බවයි ප්‍රකාශ වන්නේ.
මේ වන විට සොයාගෙන ඇති මළ සිරුරු අතරින් 33 ක් පමණක් හදුනාගෙන ඇති අතර අනෙක් මළ සිරුරු හදුනාගත නොහැකි බවද ප්‍රංශ පුවත් සේවය සදහන් කරනවා.
ගිනි කන්දෙන් නිකුත්නල අලු හා දුමාරය අඩි 4500ක් දක්වා ඉහළට යොමුවෙමින් පවතින අතර එය ලංකාවේ පිදුරුතලාගල කන්ද මෙන් දෙගුණයකට ආසන්න උස ප්‍රමාණයක් වනවා.


මේ වන විට ගිනි කන්ද ආසන්නයේ වෙසෙන 12,000ක් දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.
යළිත් ගිනි කන්ද පුපුරා ගියහොත් නිවාස 3,000 ක් අවදානමකට පත්විය හැකි බවටයි තක්සේරු කර ඇත්තේ.
මේ අතර ගිනි කදු පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතුද අද දිනයේ සිදුකර තිබෙනවා.

Top