චන්දිමාල්ට තරග තහනමක් – ගාස්තුවෙන් 100 % ක දඩයක්


පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට අයි සී සීය විසින් දඩුවම් නියම කර තිබෙනවා.
ඒ අනුව කොදෙව් පිලට එරෙහි 3වන ටෙස්ට් තරගය චන්දිමාල්ට තහනම් කර ඇති අතර දෙවන තරගයේ ගාස්තුවෙන් සියයට 100ක් දඩයක් ලෙස අය කර ගැනීමටයි තීරණය කර ඇත්තේ.
කොදෙව් පිල සමග දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී පන්දුව පළුදු කළ බවට චන්දිමාල්ට චෝදනා එල්ලවූ අතර ඔහු පලමුව සදහන් කළේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.