චීනය ලංකාව යට කරලා/ ජාත්‍යන්තර වාර්තාවක් කියයි

චීනය ශ්‍රී ලංකාව යටපත් කර ගනිමින් කටයුතු කරන බව ප්‍රකාශ කරමින් අමෙරිකාවේ වොෂින්ටන් හී ඩිප්ලොමැට් වෙබ් අඩවිය වාර්තාවක් පල කර තිඛෙනවා.
එහි දැක්වෙන්නේ චීනය ලංකාවේ මෙතෙක් සම්බන්ධ නොවූ කලාප වෙත පවා සිය ආධිපත්‍යය පතුරවමින් පවතින බවයි.
කොලඹ මූල්‍ය නගර ව්‍යාපෘතිය හා හම්බන්තොට වරාය වෙත සිය ආධිපත්‍යය ලබාගත් චීනය මේ වන විට මෙරට සාම්ප්‍රදායිකව ඉන්දියාව සමග සම්බන්ධ කලාප වෙත පවා බලපෑම් කරමින් පවතින බව මෙම වාර්තාවේ සදහන්.
ඒ අනුව චයිනා රේල්වේ හා චයිනා ඉංජිනියරින් ආයතනය යාපනයේ නිවාස 40,000 ක් ඉදිකිරීමේ ඩොලර් මිලියන 300ක කොන්ත්‍රාත්තුව පවා ලබා ගැනීමට සමත්ව ඇති බව එහි දැක්වෙනවා.
එසේම මෙරට වැවිලි කර්මාන්ත අංශයේ ඩොලර් මිලියන 40ක ආයෝජනයක්ද චීනය විසින් සිදුකරමින් පවතින බවයි ඩිප්ලොමැට් වෙබ් අඩවිය හෙළිකරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *