ඡන්ද ලේඛනය පිළිබඳ අභියාචනා භාර ගැනීම ඇරඹේ

ප්‍රතිශෝධනය කරමින් පවතින 2018 නව ඡන්ද හිමි නාම ලේඛනය පිළිබඳ අභියාචනා භාර ගැනීම ආරම්භ කර තිබෙනවා.
අතිරේක මැතිවරණ කොමසාරිස්‌ එච් එම් මොහොමඩ් මහතා කියා සිටියේ ප්‍රතිශෝධනයට ලක්‌කර ඇති නාමලේඛනය දිස්‌ත්‍රික්‌ මැතිවරණ කාර්යාල/ ප්‍රාදේශීය ලේකම් කාර්යාල/ පළාත් පාලන ආයතන හා ග්‍රාම නිලධාරි කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බවයි.
එහි තම නම ඇතුලත්දැයි ජන්ද දායකයින්ට පරීක්ෂා කළ හැකි වනවා.
එහි අඩුපාඩු ඇත්නම් මැතිවරණ කොමිසමට අභියාචනා කළ හැකි අතර නව ඡන්ද හිමි නාමලේඛනය ලබන ඔක්‌තෝබර් මස මුලදී සහතික කිරීමටයි මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ.