You are here
Home > ආසන්න-පුවත් > ජගත් සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් / මුදල් ඇමති

ජගත් සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් / මුදල් ඇමති

සහශ්‍රක සංවර්ධන අරමුණු හා ඉලක්ක සමග රජයේ උපාය මාර්ග ගලපමින් ජගත් සංවිධානය ඇතුළු කණ්ඩායම් සමග අඛණ්ඩව කටයුතු කිරීමට සූදානම් බව ලෝක බැංකුවේ සහ අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අමතමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා

ප්‍රකාශ කළා. මේ එහිදී අමාත්‍යවරයා සිදුකළ සම්පූර්ණ කතාවයි.

ශ්‍රී ලංකාවේ නූතන ආර්ථික සංවර්ධනයන් හා ඉදිරි කටයුතු පිළිබඳ මතුකර දැක් වූ අමාත්‍යවරයා අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රීලංකාව ආර්ථිකය අපේක්ෂිත මට්ටමට වඩා අඩු වර්ධනයක් පෙන්නුම් කළ ද එය 2017 වර්ෂය වන විට 4.5%ක වර්ධනයක් අපේක්ෂා කරන බවයි. දැනට ආර්ථිකය තුළ සිදු කෙරෙමින් පවතින පුළුල් ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ හා ආයෝජක විශ්වාසය සමගින් 2020 වන විට 7%ක ආර්ථික වර්ධනයකට හිමිකම් කියනු ඇතැයි කියා සිටියේ .
2016 ජූනි මාසයේ දී ශ්‍රී ලංකාව හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල එලඹ ඇති ඇ.ඩො. බිලියන 1.5ක විස්තීරණ ණය පහසුකම් යටතේ වන වසර තුනක වැඩපිළිවෙළ මගින් මෙම ප්‍රතිසංස්කරණවල ආරම්භයන් සඳහා සහය සැලසේ. මෙම වැඩසටහන මගින් රටේ බාහිර හා මූල්‍ය තුලනය ශක්තිමත් කිරීම අරමුණු කෙරේ.
ශීර්ෂ උද්දමනය අපේක්ෂිත මට්ටම වන එක් ඉලක්කමක අගයට වැඩ අගයක් ගන්න නමුත් මධ්‍ය උද්ධමනය අඩු වෙමින් පවතී. 2015 වසර අවසානයේ ගනු ලැබූ සීමාකාරී මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස මේ තත්ත්වය ඇති වී තිබේ.
රජයේ ණය හිගය සහ එක් රැස් කිරීම අඩුකිරීමේ අරමුණ ඇතිව ආදායම පාදක කර ගත් ප්‍රතිපත්තියක් කෙරේ රජය දැක් වූ කැපවීම මෙම කැපීපෙනෙන වර්ධනය හේතුව බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
2017 පළමු භාගය තුළ ශ්‍රී ලංකාවේ විදේශ අංශය මිශ්‍ර කාර්ය සාධනයක් වාර්තා කරනු ලැබීය. 2017 සැප්තැම්බර් මාසය අවසන් වන විට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො. බිලියන 7.3 දක්වා වර්ධනය වූ අතර එම අගය මාස 45ක ආනයනයන්ට සමාන වේ. වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියලේ අගය ඇ.ඩො. අගයට සාපේක්ෂව 2.2%ක ප්‍රමාණයකින් අවප්‍රමාණය වී ඇත. හුවමාරු අනුපාතය නම්‍යශීලී සහ වෙළෙඳපොළ ප්‍රවේශ අගයක් ගනු ඇත.
ස්ථායීතාවය වැඩිදියුණුවීම හා බැංකු අංශයේ වැඩි දියුණු වූ අවම ප්‍රාග්ධන සංචිත ප්‍රමාණය, ද්‍රවශීලතාව හා වත්කම් තත්ත්වය සමග 2017 පළමු භාගය තුළ දී මූල්‍ය අංශය අඛණ්ඩව වර්ධනය විය. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පුළුල් සංවර්ධන ක්‍රමෝපාය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධන ක්ෂේත්‍රයන්හි ප්‍රතිලාභ මත තිරසාර සංවර්ධනය උදා වන බවයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ආකෘතිය අපනයනයන් හා ඍජු විදේශ ආයෝජනවල ප්‍රධාන අංග වන තාක්ෂණික දියුණුව, හා නවෝත්පාදනය යටතේ පෞද්ගලික අංශය මගින් පාලනය වනු ඇතැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය. මෙම කාර්යයේ දී භෞතික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අමතරව මානව ප්‍රාග්ධනය හා නිපුණතා වැඩි දියුණු කිරීමට, ගෝලීය වශයෙන් පිළිගත් නියාමන යාන්ත්‍රණ හා ආයෝජන ක්‍රියාමාර්ග ඇති කිරීම හා ඉහළ ආදායම් ලාභී රටක් බවට පත් වීම සඳහා ව්‍යාපාර, වෙළෙඳ හා ආයෝජන අවස්ථා ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රශස්ත වාතාවරණයක් ඇති කිරීමට කැපවී සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.
සම්භාවනීය පිරිස අමතමින් අමාත්‍යවරයා තවදුරටත් අදහස් පැවසීය.
“රටතුළ යහපත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සාක්ෂාත් කිරීමට අප විසින් රටේ මූල්‍ය ප්‍රතිපත්තිය හා විදේශීය විනිමය මෙහෙයුම් කළමනාකරණය සඳහා හොඳින් ව්‍යාප්ත වූ රාමුවක් හඳුන්වා දී ඇත.
රජයට අයත් ව්‍යවසායන්ද කාර්යක්ෂම කළමනාකරණයක් තහවුරු කිරීම හා මූල්‍ය ස්ථායීතාව ඇති කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතී.
අප විසින් අඩු උද්ධමනයක් පවත්වා ගැනීම සාක්ෂාත් කරගැනීම සඳහා මධ්‍යකාලීන වශයෙන් නම්‍යශීලී උද්ධමනයක් ඉලක්ක කරගනිමින් කටයුතු කිරීම සඳහා අප කැපවීමෙන් කටයුතු කරන්නෙමු.
අපනයනයන් පුළුල් කිරීම ප්‍රමුඛතම අවශ්‍යතාවය වේ. ඊට අමතරව යුරෝපීය වෙළෙඳපල සඳහා වැඩි ප්‍රවේශයක් ඇතිකිරීම, ඉන්දියාව සමග පවත්නා නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීම තුලින් වෙළෙඳපල ප්‍රවේශය වැඩිදියුණු කිරීම, චීනය හා සිංගප්පූරුව සමග නව ආර්ථික හවුල්කාරී ගිවිසුම් අත්සන් කිරීම සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතී.
මෙමගින් බිලියන 3 කට වැඩි ජනතාවක් සඳහා වෙළෙඳපල සඳහා වඩාත් පහසු ප්‍රවේශයක් ඇතිවන අතර වෙළෙඳ/ ආයෝජන සම්බන්ධතාවය සඳහා පහසුකම් සැලසීම තුළත්, දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
ව්‍යාපාර කිරීමේ පරිසරය වැඩිදියුණු කිරීම සඳහා ඝෘජු විදේශ ආයෝජන (FDI) හා අදාළ ප්‍රතිසංස්කරණයන් හඳුන්වාදෙමින් සිටී.
මෙම කාර්යයේ පුළුල් පරමාර්ථය වනුයේ ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගෙන මෙරට අපනයන ඉලක්ක කරගත්, ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටි ආර්ථික හා මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත්කිරීම වේ.
රජය මගින් ගත් අඛණ්ඩ ප්‍රයත්නයන් හා සංවර්ධන හවුල්කරුවන්ගෙන් ලද සහය නිසා ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධිත දර්ශකවල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මූල්‍යමය සහාය ලබාදීම හා විශ්ලේෂණ හා උපදේශණ සේවා සඳහා තාක්ෂණ සහාය ලබාදීම මගින් අඛණ්ඩව සහය ලබාදීම පිළිබඳව ලෝක බැංකුවට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
2017 – 2020 සඳහා රටේ සහයෝගිතා රාමුව මගින් බැංකුවේ මූල්‍යයන කටයුතු සවිබල ගැන්වෙන අතර, එමඟින් රටේ සංවර්ධන කාර්යයන් වැඩිදියුණු වන බව මාගේ විශ්වාසයයි.
රජය විසින් මනාලෙස සංවිධානය වූ සංවර්ධව වැඩසටහනක් හරහා සැලකිය යුතු කලාපීය සංවර්ධනය හා ආදායම් විෂමතාවය පිළිබඳ ගැටළු වලට විසඳුම් සෙවීම සඳහා උනන්දුවෙන් කටයුතු කරමින් සිටී.
අපේක්ෂිත අරමුණු කරා ලඟාවීම සඳහා පසුගාමී ප්‍රදේශ වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම සෞඛ්‍යය, අධ්‍යාපනය හා සනීපාරක්ෂක පහසුකම් වැනි මූලික අවශ්‍යතා ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින් නවීන මූල්‍යමය ක්‍රියාවලීන් හරහා සහනදායී මූල්‍ය සහයන් ලබාදීම වඩාත් අවශ්‍ය කෙරේ.
මේවා සංහිඳියාව සමග වන සංවර්ධනයන් සඳහා අත්‍යවශ්‍ය වන අංග බව අපි තරයේ විශ්වාස කරමු.
ශ්‍රී ලංකාව IDA 18 චක්‍රය තුළ IDA සංක්‍රාමී සහය පහසුකම් යටතේ IDA හා IBRO ණය පහසුකම් සඳහා ප්‍රවේශවීමට හැකි “ IDA යෝග්‍ය තත්ත්වයේ” සිට “IBRO යෝග්‍යත්වය” ට සුදුසුකම් ලබා ඇත.
විවිධ ආකාරයේ සහය දැක්වීම් මගින් IDA සුදුසුකම් මගින් IDA මූල්‍යයනය තීව්‍රතාව අඩුවීම හරහා රටේ සංවර්ධන කෙරෙහි අයහපත් ප්‍රතිඵල ඇති වීම වළක්වමින් සාර්ථක ලෙස හොඳින් සුදුසුකම් ලැබීම තහවුරු කරන අතර රටේ ගෙවුම් ශේෂය කෙරෙහි අනවශ්‍ය පීඩනයක් ඇති වීම වැලැක්වේ.
ඉහත කරුණු අනුව වේගවත් ලෙස ණය ආපසු ගෙවීම තාවකාලිකව නැවැත්වීම පිළිබඳ කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා අතර ම 2018 නොවැම්බර් මාසයේ දී පවත්වන්නට නියමිත IDA 18 මධ්‍යකාලීන සමාලෝචනයේ දී මෙම තීරණය ස්ථිර කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඉතාම දුප්පත් හා ඉතාම කුඩා රටවල අයිතීන් සුරකින අතරම සංවර්ධනය වන රටවල හඩ නියෝජනය වැඩි දියුනු කරන සම අයිතිවාසිකම් කරා යොමු වූ ලෝක බැංකුවේ වැඩසටහන පිළිබඳ අපි බලා සිටිමු.

Top