ජනතා අපේක්ෂා ඉටුවන මාස 18ක් ගැන නියෝජ්‍ය ඇමති ජේ සී ගෙන් අනාවැකි

මෙතෙක් පැවැති බාධා සියල්ල නිමා කරමින් ආණ්ඩුව නව ගමනකට අවතීර්ණ වන බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේසී අලවතුවල මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් දිවයින පුරා දියත් කරනු ලබන “නිල සෙවන” ව්‍යාපෘතියට සමගාමීව හිරියාල මැතිවරණ කොට්ඨාශයේ හුණුපොල ග්‍රාම නිළධාරි වසමේ “නිල සෙවන කාර්යාලය” ඉදි කිරීම සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

පසුගිය සමයේ ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටම ඊට එරෙහිව කටයුතු කළ කුමන්ත්‍රණකාරී පාර්ශවයන් මේ වන විට ඉන් ඉවත් කර ඇති බැවින් රජයේ ඉතිරි මාස 18 ක කාලය තීරණාත්ම්ක වෙනසකට රට අවතීර්ණ කරන සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරන කාලයක් වනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.
පසුගිය සමයේ විවිධ කුමන්ත්‍රණකාරී පිරිස් ජනතාව නොමග යැවූ බවත් එම තත්ත්වය ජනතාව විසින්ද මේ වන විට අවබෝධ කරගෙන සිටින බවත් ජේ සී අලවතුවල මහතා ප්‍රකාශ කරනවා.
දිවයිනේ ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පැහැදිලි සේවාවක් ඉටු කිරීම නිල සෙවණ තුලින් සිදු කෙරෙන අතර එමගින්ද වඩාත් ඵලදායි මෙහෙවරක් ඉටු කිරීමට ආන්ඩුව කැපව සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.
ඒ නුව ඉදිරියේදී අතීත පසුබෑම් හැර දමා නව ජයග්‍රාහී ගමනක් වෙත එක්සත් ජාතික පක්ෂය ඔසවා තබන ගමනක ආරම්භයද මේ වන විට සටහන් කර ඇති බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව පක්ෂ ප්‍රතිසන්ධානයේ ඉිදිරි අධියරයන් සමග එක්සත් ජාතික පක්ෂයද දැවැන්ත විජයග්‍රාහී ගමනකට අවතීර්ණ වනු ඇතැයිද ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.