ජනපතිවරණයට එන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයෙක් / බැසිල් අවසන් තීන්දුව දෙයි


ඉදිරි ජනාධිපතිවරණයේදී පත්වන්නේ පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන පොහොට්ටුව ලකුණින් තරග කරන ජනාධිපතිවරයකු බව එම පෙරමුණේ නිර්මාතෲ බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ අනුව වෙනත් පාර්ශවයකට අයත් පුද්ගලයකුට සහාය දෙන්නැයි කරන ඉල්ලීම් හා බලපෑම් වලට පොදුජන පෙරමුණ එකග නොවන බවයි බැසිල් රාජපක්ෂ මහතා අද පැවැති පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිත හමුවක් අමතමින් කියා සිටියේ.

 “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමේ මිනිසා අකමැති පුද්ගලයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න කිසිදු සූදානමක් නැහැ.

ඒ නිසා ගමේ පාක්ෂිකයා අකමැති ජනාධිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න සාමාජිකයින්ට පක්ෂයේ නායකත්වය කිසිදා බලපෑම් කරන්නේ නැහැ.

ස්ථිර වශයෙන්ම ඊළග ජනාධිපතිවරයා බිහිවන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන්. ඒ අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්. ඒ වගේම මැතිවරණ සලකුණ පොහොට්ටුව.”


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න
© 2019 Lanka A news - Theme by HappyThemes