ජනපතිවරණයට පෙර මහ මැතිවරණයක් ? ජනපති කියයි


මෙම වසර තුල ජනාධිපතිවරණයක් පැවැත්වෙන අතරම ඊට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමේ ඉඩක්ද පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ මෙරට විදෙස් මාධ්‍යවේදීන් සමග පැවැත්වෙන සාකච්ජාවකට එක්වෙමින්.

රටේ පවතින තත්ත්වය යටතේ ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබුණා.

මේ වන විට රට පවතින ආර්ථික අස්ථාවරත්වයෙන් රට ගොඩ නැගීම සඳහා දේශපාලන වෙනස්කම් අමතක කරමින් රට වෙනුවෙන් වැඩ කිරිමට එක්වෙන ලෙසයි ජනාධිපතිවරයා සියලු දේශපාලනඥයන්ගෙන් ඉල්ලීමක් කළේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.