ජනපති / කතානායක හා පක්ෂ නායක සාකච්ජාවේ තීරණ මෙන්න

පවත්නා දේශපාලන අර්බුධයට දින 2-3ක් තුල ස්ථිර විසදුමක් ලබාදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ මීට සුලු මොහොතකට පෙර (2018.11.15 රාත්‍රී 7.30) අවසන්වූ කතානායකවරයා හා එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ විශ්වාසභංගයට සහාය කළ කණ්ඩායම සමග සාකච්ජාවේදීයි.

මේ අතර සාකච්ජාව පිළිබද අදහස් දක්වමින්  පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියා සිටියේ  පාර්ලිමේන්තුවේ බහුතරය හදුනා ගැනීම සදහා හෙට දිනයේදී විශ්වාසභංග යෝජනාවක් සදහා ජන්ද විමසීමක් පැවැත්වීමට මෙම සාකච්ජාවේ තීරණ මත කටයුතු කරන බවයි.
තමන් ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු නොකරන බවත් ඊයේ පැවැති විශ්වාසභංග ජන්ද විමසීම සිදුවූ ආකාරය පිළිගත නොහැකි බවත් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි රාජිත සේනාරත්න මහතා අනාවරණ කළේ.
පාර්ලිමේන්තු සභාවාරය අවසන් කිරීම සිදුනොකරන බවද ජනාධිපතිවරයා කියා සිටි බව ඔහු සදහන් කළා.
හෙට විශ්වාසභංග ජන්දයේදී වත්මන් ආණ්ඩුව හොබවන පාර්ශවය ඊට බාධා කරන්නේ නම් හඩින් ජන්දය විමසා තීරණය ප්‍රකාශයට පත් කිරීමටද මෙහිදී එකගතාවය පල කළ බව රාජිත සේනාරත්න මහතා අනාවරණ කළා.