ජනපති / කතානායක හා විශ්වාසභංගය ගෙනා පක්ෂ හෙට සාකච්ජාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතානායක කරු ජයසූරිය මහතා මුණගැසීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයට පක්ෂව ජන්දය භාවිතා කළ පක්ෂවල නායකයින් හා කතානායකවරයා හෙට පෙරවරුවේ ජනාධිපතිවරයා සමග මෙම සාකච්ජාවට එක්වීමට නියමිතයි.
මෙම සාකච්ජාව පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.