ජනපති කියන්නේ බොරු / ගම්මන්පිල පැහැදිලි කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 2015 මැතිවරණ පරාජයෙන් පසු තංගල්ලට නික්ම යාමට කිසිවකු විසින් හෙළිකොප්ටරයක් ලබාදුන් බවට ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශය අසත්‍ය බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
ලංකාදීප පුවත්පතට අදහස් දක්වමින් මන්ත්‍රීවයරයා පවසන්නේ පොදු අපේක්ෂකයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැවතියේ කවරක්ද යන්න පිළිබදව මෙන්ම ජනාධිපති ධූරයට පත්වූයේ කවර අවස්ථාවකදැයි නොැදින සිටින බවයි.
2016 අප්‍රේල් මාසයේ දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සවයක් අමතමින් මම මහින්දට ගෙදර යන්න හෙලිකොප්ටරයක් දුන්නා.අපි පැරදුනා නම් අඩි හයක් යට යැයි පැවසූ බවත් ඊයේ කථාවක දී මහින්දට හෙළිකොප්ටර් දුන්නේ කවුදැයි ගුවන් හමුදාපතිගෙන් ඇසුවා නම් කියාවි යැයි කී බවත් මේ කථා දෙකම බොරු බවත් උදය ගම්මන්පිල මහතා සදහන් කර තිබෙනවා.
2015 ජනවාරි 9 වැනිදා උදේ 9.30 වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ එදින සවස 6.30 ට බවත් පෙන්වා දුන් ගම්මන්පිල මහතා ඒ අනුව රාජපක්ෂ මහතාට රජයේ හෙලිකොප්ටරයක් රැගෙන ගෙදර ගිය බව සැබෑ නමුත් එය ගෙන ගියේ විධායක ජනාධිපතිවරයා වශයෙන් ඔහු විසින්ම බවත් සදහන් කර තිබෙනවා.
විධායක ජනාධිපතිට හෙළිකොප්ටරයෙන් ගමනක් යන්නට කාගෙන්වත් අවසර වුවමනා නොවන බව හෙළිකොප්ටර් වලින් සවාරි යන ජනාධිපතිතුමන් නොදැන සිටීම කණගාටුවට කරුණක් බවත් ඔහු ලංකාදීප පුවත්පතට සදහන් කර තිබෙනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *