ජනපති ජගත් පරිසර සමුළුව අමතයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිව් වැනි සැසිවාරයේදී විශේෂ දේශනයක් පවත්වනු ලැබුවා.

සමුළුව පැවැත්වෙන්නේ කෙන්යාවේ නයිරෝබි නුවරදීයි.

පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම් යන තේමාව යටතේ මෙවර සමුළුව ක්‍රියාත්මකයි.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපතිවරයා මෙම සමුළුවට එක්ව සිටින අතර ප්‍ර‍ධාන සමුළුවට පෙර පැවැති පුනර්ජනනීය බලශක්ති සඳහා නව ව්‍යාපාර ආකෘති යනුවෙන් වූ සමගාමී සමුළුවට ද ජනාධිපතිවරයා එක් විය.

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.