ජනපති – සජිත් හමුවීම ගැන හර්ෂගෙන් පැහැදිලි කිරීමක්

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් පල කරන ලද අසත්‍ය තොරතුරක් නිවැරදි කරන ලෙස අදාළ මාධ්‍ය ආයතනයෙන් ඉල්ලා ඇති බව වාර්තාවනවා.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා මුණ ගැසුණු බවයි.
එය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ අනුදැනුම මත සිදුවූ බවත් එහිදී සාකච්ජාවූ දේ පිළිබදව වික්‍රමසිංහ මහතා දැනුවත්ව සිටින බවත් හර්ෂ ද සිල්වා මහතා සදහන් කරනවා.

එහෙත් ඒ පිළිබද වැරදි අදහසක් ප්‍රචාරය කර ඇති බවත් ඒ පිළිබද එක්සත් ජාතික පක්ෂය කණගාටුවන බවත් එම වාර්තා හෙළිකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *