ජනපති TNA හමුවේදී තීරණාත්මක තීරණයක් / 5 වනදා තවත් ජන්දයක්


පාර්ලිමේන්තුව තුල මහින්ද රාජපක්ෂ මහතාට බහුතර බලයක් නොමැති බැවින් නව අගමැතිවරයකු පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ලබන 5 වනදා නීත්‍යානුකූල ක්‍රමවේදය අනුගමනය කරමින් සම්මත කර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ ජාතික සන්ධානයට දැනුම් දී තිබෙනවා.
ඒ දෙමල සන්ධානයේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර අද පස්වරුවේ පැවැති සාකච්ජාවේදීයි.
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා කියා සිටියේ පවත්නා අර්බුධකාරී තත්ත්වය පිළිබද මෙහිදී දීර්ඝව සාකච්ජා කළ බවයි.
රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති බව එහිදී ජනාධිපතිවරයා පිළිගත් බවද සුමන්තිරන් මහතා කියා සිටියා.
ඒ අනුව ලබන 5 වනදා පාර්ලිමේන්තුවේ මීට අදාළ යෝජනාවක් ජන්ද විමසීමකින් සම්මත කිරීමට නියමිතව තිබෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න
© 2019 Lanka A news - Theme by HappyThemes