ජන්දය කල් දමන මුස්තාපාගේ වෙස් මුහුණ අනුර ගලවයි

මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයේ ප්‍රධාන ලෙසම පළාත් පාලන ඇමතිවරයා සිටින බවත් ඔහු නඩුවට පෙනීසිට කරුණු දැක්වීම පසෙක දමා විදේශගතවී සිටින බවත් ජනතා විමුක්තති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
නඩුව ගොනු කළ පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටින්නේද පළාත් පාලන ඇමතිවරයාගේ පියා යටතේ පුහුණුව ලැබූ කණිෂ්ඨ නීතීඥයෙකු බවත් මෙය මුස්තාපාට එරෙහිව මුස්තාපාම දමාගෙන ඇති නඩුවක් බවත් එහිදී අනුර දිසානායක මහතා අනාවරණ කළා.
ඩිලාන් පෙරේරා/ ලක්ෂමන් යාපා/ දයාසිරි ජයසේකර යන ඇමතිවරුන්ගේ සමීපතම ගෝලයන් මෙම නඩුවේ පෙත්සම් කාර පාර්ශවය බවත් හෙළිදරව් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසූවේ පළාත් පාලන ඡන්දය කල් දැමීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මේ අනුව රට හමුවේ පැහැදිළි වන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත‍්‍රීවරයා පවසා සිටියේ දේශපාලනයේ කොතෙක් මතභේද වෙනස්කම් පැවතියත් මැතිවරණය දිනා ගැනීමේ සටනට නායකත්වය දෙන බවත් ඒ සඳහා ඕනෑම පර්ශවයක් ඒකාබද්ධ කරගැනීමට තම පක්ෂය පසුබට නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *