You are here
Home > විදෙස් > ජන්දෙන් දින්න අඛේගෙන් උතුරු කොරියාවට අනතුරු ඇගවීමක්

ජන්දෙන් දින්න අඛේගෙන් උතුරු කොරියාවට අනතුරු ඇගවීමක්

උතුරු කොරියාව පිළිබද ඉදිරියේදී දැඩි තීරණ ගන්නා බව මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගත් ජපාන අගමැති ෂින්ෂෝ අඛේ මහතා පවසනවා.
ඒ 3 න් 2ක බහුතර බලයක් ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
තමන් උතුරු කොරියාව සම්බන්දයෙන් අවශ්‍ය පියවර ගැනීම සදහා ඉල්ලා සිටි ජනවරම හිමිව ඇති බවයි ජපාන අගමැතිවරයා පවසන්නේ.
ඒ අනුව උතුරු කොරියාවේ තර්ජනවලින් සිය ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය දැඩි පියවර ගන්නා බවද ඔහු අවධාරණය කර තිඛෙනවා.
ලබන මාසයේදී අමෙරිකානු ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් මහතා ජපානයේ සංචාරය කිරීමට නියමිතයි.
එය උතුරු කොරියාවට තීරණාත්මක වනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ.

Top