ජන්ද තියන්නේ නැත්නම් මම යනවා / මැ කො සභාපති තද තීන්දුවක

පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10ට පෙර නොපවත්වන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා  අස්වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද අවධාරණය කළා.

පළාත් සභා මැතිවරණය වසර 2ක් පමණ කල්දැමීමට විරෝධය පා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි සභාපතිවරයා කියා සිටියේ.

රාජගිරියේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.