You are here
Home > ආසන්න-පුවත් > ජන්ද දිනය ප්‍රකාශ කළ පසු රජයේ මැති ඇමති පිරිසක් විපක්ෂයට

ජන්ද දිනය ප්‍රකාශ කළ පසු රජයේ මැති ඇමති පිරිසක් විපක්ෂයට

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු රජයේ ආමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 6 දෙනෙකු අවස්ථා දෙකකදී විපක්ෂයට එක්වීඹට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකර ඔවුන් විපක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවයි සදහන් වන්නේ.
බස්නාහිර/ සබරගමුව/ වයඹ/නැගෙනහිර යන පළාත් නියෝජනය කරන මෙම ඇමතිවරුන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කළකිරීමට පත්ව සිටින බවයි එම වාර්තා හෙළිකරන්නේ.
මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණයට දින නියම කළ විට ප්‍රථමයෙන් බස්නාහිර/වයඹ හා නැගෙනහිර පළාත් නියෝජනය කරන ඇමතිවරයෙකු හා නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වීමට නියමිතයි.
පසුව පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය අතරතුරදී බස්නාහිර/වයඹ හා සබරගමුව යන පළාත් නියේජනය කරන ඇමතිවරුන් තුන්දෙනෙකු ආණ්ඩුවෙන්ඉවත්වීමටයි තීරණය කර ඇත්තේ.

Top