You are here
Home > ආසන්න-පුවත් > ජන්ද ප්‍රතිඵලය කලින් කියන්න / සාස්තරකරුවන්ට අභියෝගයක්

ජන්ද ප්‍රතිඵලය කලින් කියන්න / සාස්තරකරුවන්ට අභියෝගයක්

ලබන පෙබරවාරි 10දාට යෙදෙන 2018 පලාත් පාලන මැතිවරණයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව කිනම් හෝ ගුප්ත බලයකින් පැවසිය හැකි අයෙකු වේ නම් ඉදිරිපත් වන ලෙස ශ්‍රී ලංකා හේතුවාදී සංගමය අභියෝග කරයි.

එහි ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක තාරක වරාපිටිය මහතා විසින් නිකුත් කොට ඇති නිවේදනයක සඳහන් වනුයේ මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සංධානය යන ප්‍රධාන දේශපාලන පක්ෂ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව හා මෙවර මැතිවරණයේදී භාවිතා කෙරෙන මුළු ඡන්ද සංඛ්‍යාව කිනම් හෝ ගුප්ත ක්‍රමයකින්, දිවැස් බලයකින් කලින් කිව හැකි යැයි පවසන ඕනෑම කෙනෙකුට මෙම අභියෝගය විවෘත වන බවය.

එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන පරිදි මෙම අනාවැකිය මගින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන දත්තයන් අවසන් දහස වශයෙන් දැක්විම නිවැරදි සේ ගණන් ගනු ලැබේ.

නිදසුනක් ලෙස මෙම මැතිවරණයේදී කිසියම් පක්ෂයක් ඡන්ද 2,85411 ලබා ගත හොත් එය ඡන්ද 2,85000ක් ලෙස හෝ 286000 ක් දක්වා ප්‍රකාශ කිරීම නිවැරදි පිළිතුර සේ බාරගනු ලැබේ.

එසේ ජොතිෂ්‍යයෙන්, විශ්ව ශක්තිය ආදී වන විද්‍යාත්මක අර්ථ කථනය නොහැකි කිනම් හෝ ගුප්ත බලකින් මෙම අනාවැකිය නිවැරදි ලෙස ප්‍රකාශ කළ හැකි අයෙකු වේ නම් එසේ එක් එක් පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව සහ ඡන්දය භාවිතා කරන මුළු ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව සමඟ තමන්ගේ සම්පුර්ණ නම, ලිපිනය, ජාතික හැදුනුම්පත් අංකය සහ දුරකතන අංකද සමඟ 2018 පෙබරවාරි 7 දිනට පෙර ලේකම්, ශ්‍රී ලංකා හේතුවාදී සංගමය, අංක 226, සයිමන් දියෙස් මාවත, මාදුපිටිය, පානදුර යන ලිපිනයට තැපැල් මගින් හෝ rationalist.srilanka@gmail.com යන විද්‍යුත් ලිපිනය ඔස්සේ ලබන පෙබරවාරි 7වෙනි දින හෝ ඊට පෙර ලැබෙන සේ එවන මෙන් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය ඉල්ලා සිටී.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top