ජමියතුල් උලෙමා සංවිධානයෙන් මුස්ලිම්වරුන්ට දැනුම්දීමක්

අද ඉස්ලාම් දේවස්ථානවල සිදුකෙරෙන දේව මෙහෙයන්හිදීත් ඉන් පසුවත් සාමකාමීව කටයුතු කරන ලෙස සමස්ත ලංකා ජමියතුල් උලෙමා සංවිධානය සියළු මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එම සංවිධානය නිවේදනය කළේ දේවස්ථාන භාරකාර මණ්ඩලවල අනුමැතිය සහිතව අද  සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන වෙලාවන් අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැකි බවයි.

කඩාකප්පල්කාරීන්ට නොරැවටී ආරක්ෂක අංශ සමඟ සහයෝගයෙන් ක්‍රියාකරන ලෙසද මුස්ලිම් ප්‍රජාවගෙන් එම සංවිධානය ඉල්ලීමක් කරනවා.