ජවිපෙ මන්ත්‍රී සමග පැටලුණු සපුගස්කන්ද ඕ අයි සී ට ස්ථාන මාරුවක්

සපුගස්කන්ද පොලිස් ස්තානය තුලදී එහි වැඩබලන ස්තානාධිපතිවරයා හා ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයකු අතර හටගත් උණුසුම් තත්ත්වයට අදාළව එම ස්ථානාධිපතිවරයා තාවකාලිකව මාරු කිරීමට නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතා නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව අදාළ නිර්දේශය මේ වන විට මැතිවරණ කොමිසමට යොමුකර ඇති බවයි ප්‍රකාශ වන්නේ.
මෙම සිද්ධියේදී දෙපාර්ශවයෙන්ම වැරදි සිදුවී ඇති බව ඊට අදාළව කොලඹ අපරාධ කොට්ඨාශය සිදුකළ විමර්ෂණයේදී හෙළිව තිබෙනවා.
සිද්ධියේදී පහර කෑ බව කියන ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයා පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඔහුට සිදුව ඇති තුවාල සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාදී තිබෙනවා.

මේ සිද්ධිය පිළිබද නීතිය හා සාමය පිළිබද අමාත්‍යවරයා තබා ඇති ට්විටර් සටහනක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *