ජවිපෙ 20 ගැන එජාපයේ තීන්දුව අනිද්දා


ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අනිද්දා දිනයේදී සලකා බලන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ මෙම සංශෝධනයේ අන්තර්ගතය හා එහි ප්‍රායෝගික තත්ත්වය මෙහිදී සලකා බලන බවයි.
කෙසේ වෙතත් එම යෝජනාව පිළිබද සලකා බැලීමට අග්‍රාමාත්‍යවරයාට මාස 6ක කාලයක් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 20 වන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
ඊට මේ වන විටත් පාර්ශව රැසක් විරෝධය පල කර තිබෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.