ජාත්‍යන්තර බැංකු කොල්ලයට සම්බන්ධ තවත් අයෙක් භාරවෙයි

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවට සයිබර් ප්‍රහාරයක් එල්ල කර මුදල් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු රහස් පොලිසියට භාරවී තිඛෙනවා.
ඊයේ රාත්‍රියේ මෙසේ පොලිසියට භාරවී තිබුණේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවෙන් ඩොලර් මිලිනය 2.1ක මුදලක් රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමකට ගෙන්වා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර රාජ්‍ය සමාගමක හිටපු සභාපති ශලීල මුණසිංහ නැමැත්තා සහ ජේ.සී නම්මුනි යන අය අත්අඩංගුවට ගැණුනා.
ඔවුන් ලබන 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛෙනවා.
මේ අතරින් ශලීල මුණසිංහ නැමැත්තා බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන අතර අනෙක් සැකකරුද ශ්‍රී ලංකාවේ හා බ්‍රිතාන්‍යයේ ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තෙක්.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.21