ජාතික ආණ්ඩුව අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ආණ්ඩුව වසර 2020 වනතෙක් පවත්වාගෙන යෑමට තීරණය කර තිඛෙනවා.

ජාතික ආණ්ඩුවේ ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයයි විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.
මෙම තීරණය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ සිටින සියලු පක්ෂවල නායකයන්ට ද දැනුම් දී තිඛෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත තීරණය දැනුම් දීම සඳහා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ද නියමිතයි.

මහා නගර සභා/ නගර සභා සහ ප්‍රාදේශීය සභා ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග අරලිය ගහ මන්දිරයේදී අද සාකච්ජාවක ිනරත වුණා.
එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ආණ්ඩුව වසර 2020 වනතෙක් පවත්වාගෙන යෑම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එකඟතාව පළ කර තිඛෙනවා.
පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලවලින් ජාතික ආණ්ඩුවට ලබා දී තිබෙන පණිවුඩ කෙරෙහි දැඩි අවධානය යොමු කර ඉදිරි දින කිහිපයේදී වෙනස්කම් කිරීම සඳහා ප්‍රබල තීරණ කිහිපයක් ගැනීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවේදී තීරණය වී තිබුණා.

ජීවන වියදම/විරැකියාව/දූෂණ වංචාවලට එරෙහිව පියවර ගැනීම ආදී කරුණු පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි සදහන්.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.20