ජාතික ආණ්ඩුව දිගටම ? ජනපති අගමැති කමිටුවක් පත් කරයි

Banner

පළාත් පාලන මැතිවරණයෙන් පසුව උද්ගතව ඇති දේශපාලනික අර්බුදය හමුවේ රට ඉදිරියට පවත්වාගෙන යා යුත්තේ කෙසේද යන්න පිළිබඳව තිරණය කිරිමට කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිඛෙනවා.
ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදීයි.
මෙම කමිටුව අද කැබිනට් හමුවේදී පත්කිරීමට නියමිතව තිඛෙනවා.
ඒ සඳහා අග්‍රමාත්‍යවරයා ජනපතිවරයා අතර එකඟතාවක්ද ඇතිව තිඛෙනවා.
මේ අතර එම වාර්තා හෙළිකරන්නේ ඉදිරි වසර දෙක තුලද ජාතික ආණ්ඩුව අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි.
එසේම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා දෙපාර්ශවය ඒකාබද්ධවීමටත් හැකියාව සොයා බලන අතර එය සාර්ථක වුවහොත් පළාත් පාලන ආයතන 190ක බලය පිහිටුවීමට රජයට හැකි බවයි ප්‍රකාශ වන්නේ.
එසේම අගමැතිවරයා ඉලක්ක කර ගනිමින් මඩ ප්‍රචාර සිදුකරන මාධ්‍ය හා පුද්ගලයින් සම්බන්ධයෙන් පියවර ගැනීමටද මෙහිදී අවධානය යොමුව ඇති බව ප්‍රකාශ වනවා.

Banner