ඥානසාර හිමියන්ගේ සිර දඩුවමක් වසර 5කට අත්හිටුවයි

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් සය මාසයක සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ එම දඬුවම වසර 05ක කාලයකට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය  නියෝග කර තිබෙනවා.

එම සිද්ධියට අදාළව ඇප නියමවී සිටියද උන්වහන්සේ මේ වන තෙක්ම සිර දඩුවම් විදිමින් සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ නඩුවට අදාළවයි.