ඥානසාර හිමියන්ට එරෙහි තවත් පෙත්සමක් විභාගයට අවසර

තලංගම ප්‍රදේශයේ යාඥා මධ්‍යස්ථානයකට කඩා වැදී එහි දේපොළවලට හානි කිරීමට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව ඉවත දමා ඔවුන්ට එරෙහිව නිසි දඩුවම් ලබා දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති පෙත්සම ලබන නොවැම්බර් 3 වැනි දා විභාග කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
නීතිපතිවරයා විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ.
මෙම නඩුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැදවනු ලැබුවා.
කොළඹ මහාධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති නඩුවේදී විත්තිකරුවන් වැරදිකරුවන් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු තිබියදී ඔවුන් සියලු දෙනා නිදහස් කරමින් මහාධිකරණය දුන් තීන්දුව ඉවත දමා ඔවුන් වැරදිකරුවන් කරන ලෙස ඉල්ලමින් නීතීපතිවරයා විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *