ඥානසාර හිමියන් බරපතල වැඩවලින් නිදහස්

සය මසක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියමවූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥඡානසාර හිමියන් බරපතල වැඩ වලින් නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ තමන්ට එරෙහි දඩුවමට ඥානසාර හිමියන් අභියාචනයක් ඉදිරිපත් කර තිබීම හේතුවෙන්.
ඒ අනුව අදාළ අභියාචනය විභාග කර තීන්දුවක් ලබාදෙන තෙක් සාමාන්‍ය බන්ධනාගාරගත සිරකරුවකු මෙන් කටයුතු කිරීමට උන්වහන්සේට සිදුවනු ඇති.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුලදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට මරණ තර්ජනය එල්ල කිරීමේ සිද්ධියට අදාළවයි ඥානසාර හිමියන්ට මෙම දඩුවම නියම කෙරුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *