ඥානසාර හිමි වැරදිකරු වෙයි / දඩුවම් නියම කිරීම ලබන මාසයේ

අතුරුදන්  මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වරදකරු බව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය තීන්දු කර තිබෙනවා.

2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදී තර්ජනය කළ බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට චෝදනා එල්ල කර තිබුණා.

ඒ අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 386 සහ අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ  නඩු පැවරීමටයි හෝමාගම පොලිසිය කටයුතු කර තිබුණේ.

චෝදනා සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වරදකරු බව තීන්දු කළ අධිකරණය ජුනි 14 වෙනිදා උන්වහන්සේට අදාළ දඩුවම් නියම කරන බව ප්‍රකාශ කළා.