ට්‍රම්ප් – කිම් ජොන් අන් හමුවන සුපිරි හෝටලය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර හමුව ලබන 12 වනදා පැවැත්වීමට නියමිතයි.
ඒ සිංගප්පූරුවේ විනෝදාස්වාද දූපතක් වන සෙන්තෝසා හී කැපෙල්ලා සුපිරි හෝටලයේදීයි.
මෙම හමුවට දින ආසන්නවීමත් සමග එම සාකච්ජාව පැවැත්වෙන සෙන්තෝසා කලාපය පිළිබද ලෝකයේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

Map showing venue for Trump-Kim summit on 12 June 2018
1942 දෙවන ලෝක යුද්ධ සමයේදී මෙම සෙන්තෝසා දූපත් කලාපය දැඩි ගැටුම් පැවැති කලාපයක් වන අතර බටහිර මාධ්‍ය විසින් එය හදුන්වාදී තිබුණේ ලේ විලක් ලෙසයි.
එහෙත් ලෝකයේම ඉරණම වෙනස් කළ හැකි ආකාරයේ සාකච්ජාවක් පැවැත්වීමට එය තෝරා ගැනීම විශේෂත්වයක් බවටයි අදහස් පලවන්නේ.
මෙම හමුවට එක්නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබුණධ පසුව ඔහු යළි ප්‍රකාශ කළේ එම සාකච්ජාවට තමන් එක්වන බවයි.
ඒ අනුව උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල අක්‍රිය කිරීම මුල් කර ගනිමින් සුහද සාකච්ජාවක් මෙහිදී පැවැත්වෙනු ඇති බවට විශ්වාසය පලවනවා.
එහෙත් එහි අන්තර්ගතය පිළිබද මෙතෙක් කිසිදු පාර්ශවයක් අදහස් දක්වා නැහැ.

General view of Sentosa Island on June 2, 2018 in Singapore.
කෙසේ වෙතත් මෙම සාකච්ජාව සදහා උතුරු කොරියානු හමුදා ප්‍රධානීන් පිරිසක් විරෝධය පල කරන බවයි වාර්තාවන්නේ.
ඒ හේතුවෙන් උතුරු කොරියානු හමුදා ප්‍රධානීන් කිහිප දෙනකුම ධූරවලින් පහ කර තිබෙනවා.

Boats and yachts berth at the ONE¡15 Marina Club in Sentosa on November 29, 2013 in Singapore

General view of Sentosa Island on June 2, 2018 in Singapore.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *