Press "Enter" to skip to content

ට්‍රම්ප් චෝදනාවලින් නිදහස්


2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී වත්මන් ඇමෙරිකානු ජනාධිපති Donald Trump තම මැතිවරණ ව්‍යාපාරයට රුසියානු සහය ලබා නොගත් බවට ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයේ අවසන් වාර්තාව අනාවරණය කර තිබෙනවා.

2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී Donald Trump ගේ මැතිවරණ ව්‍යාපාරයට රුසියාවේ සහය ලබාගත් බවට දිගින් දිගටම චෝදනා එල්ල වූ අතර ඒ පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂ අධිනීතිඥ Robert Mueller ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරුණා.

ඒ අනුව අවසන් වාර්තාවේ සඳහන් වන පරිදි 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාවෙන් කිසිදු බලපෑමක් සිදු නොවුණු බව Robert Mueller අනාවරණය කර ඇති බව ඇමෙරිකාවේ නීතිපති William Barr සදහන් කරනවා.

මෙම පරීක්ෂණය වසර 2ක් පුරා ක්‍රියාත්මක වුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න