ටෙලි නිර්මාණ අලෙවි කිරීමේ බද්ද ඉවතට

ටෙලිනාට්‍ය නිර්මාණ අළෙවි කිරීමේදී 14% ක බදු මුදලක් අය කිරීමට කටයුතු කිරීම පිළිබඳව පවතින තත්ත්වය නිවැරදි කර, 14‍% ක එම රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට කටයුතු කරන ලෙස අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන මෙන් ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මුදල් අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර නව බදු ප‍්‍රතිපත්තිය හේතුවෙන් දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් කලා ක්ෂේත‍්‍රවල ඉදිරි ගමනට යම් බාධාවන් එල්ලවී තිබේ නම් අදාළ ආයතන සමග සාකච්ඡා කර ඊට සාධාරණ විසඳුම් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ සිනමා, ටෙලිනාට්‍ය ඇතුළු අනෙකුත් කලා ක්ෂේත‍්‍ර නියෝජනය කරන සංගම්වල නියෝජිතයින් ඇතුළු කලාකරුවන් පිරිසක් සමග අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීයි.

රජයේ නව බදු ප‍්‍රතිපත්තිය හේතුවෙන් නිර්මාණකරණයේ යෙදීමේදී තමන්ට මුහුණදීමට සිදුව තිබෙන ගැටලු පිළිබඳ මෙහිදී එම සංගම් විසින් ජනාධිපතිවරයා වෙත දීර්ඝව කරුණු දක්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *