ටෙස්ට් තරගය මැද මී මැස්සෙක් ඔස්ටේ්‍රලියානු කඩුල්ලක් බේරලා

සංචාරක ඔස්ටේ්‍රලියාව හා දකුණු අප්‍රිකාව අතර 4 වන ටෙස්ට් තරගය අතරතුර දකුණු අප්‍රිකානු කඩුලු රකින්නා වන ක්වින්ටන් ඩි කොක් මී මැඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. ඒ පන්දුවට පහර දෙමින් සිටි ඔස්ටේ්‍රලියානු පිතිකරු ෂෝන් මාර්ෂ් ස්ටම්ප් කිරීමකට හසු කර ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදීයි. එහිදී මීමැස්සා හේතුවෙන් එම කඩුල්ල දවා ගැනීමේ අවස්තාව දකුණු අප්‍රිකාවට අහිමිවී ගියා. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ භෞත චිකිත්සක ක්‍රේග් ගොවෙන්ඩර් විසින් ඩි කොක්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන් අතර මෙය ක්‍රීඩකයින්ට හා ප්‍රේක්ෂකයින්ට විනෝදයක් ගෙනදුන් අවස්තාවක් බවටයි පත්ව තිබුණේ. ජොහැන්නස්බර්ග් හී වොන්ඩරර්ස් පිටිය මීට පෙරද ක්‍රිකට් ක්‍රීඩකයින්ට මී මැසි ප්‍රහාර එල්ලවූ ක්‍රීඩාංගනයක් ලෙස සැලකෙනවා.මේ පිළිබද ට්විටර් ඔස්සේ පණිවිඩයක් සටහන් කරමින් ප්‍රවීණ විචාරකයකු සදහන් කර ඇත්තේ ඔස්ටේ්‍රලියාව තරග ජයගැනීම වෙනුවෙන් කෘමීන්ගෙන්ද උපකාර ලබා ගැනීමට පටන් ගෙන ඇති බවයි.